මුල්තැන් බුද්ධ පූජාව

1.  පූජා භාණ්ඩ ගිලන්පස දිනයේ දහවල් 12.00ත් 01.00ත් අතර භාරදිය යුතුය.

2.  මුල්තැන් බුද්ධ පූජාව සහ දානය පිරිනැමීමට නියමිත දිනට දින 10කට පෙර දානයට  සහභාගිවන බව තහවුරු කර පහත සඳහන් කොටස සම්පුර්ණ කර දැන්විය යුතු අතර, එසේ නොදන්වන්නේනම් දානය දීමට ඔබ බලාපොරොත්තු නොවන සේ සලකා එදින දානය වෙනත් කෙනෙකුට ලබාදීමට සිදුවන බව කාරුණිකව දන්වමි.

3. සාංඝික දානය පිළිගැන්වීමේදී තේවා කටයුතු භාරව වැඩසිටින ගරුතර නායක  ස්වාමීන්වහන්සේලා පස්නමට අමතරව, තේවා කටයුතු භාර ගරුතර නායක ස්වාමින්ද්‍රයන්වහන්සේට ආරාධනා කිරීමෙන් ඔබට අවශ්‍ය තරමට ස්වාමින්වහන්සේලා වැඩමකරවාගත හැකි බව කරුණාවෙන් සලකන්න.

සැ .යු. – ආරාධනා භාරගනු ලබන්නේ ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා පමණි. ප.ව. 6.00 පසු ආරාධනා භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

නියමිත දින මුල්තැන්ගෙට පූජාද්‍රව්‍ය භාරදීමේදී සහ තේවාභාර ගරුතර නායක ස්වාමින්ද්‍රයන්වහන්සේට ආරාධනා සඳහා පැමිණෙන විට මෙම ලිපියද රැගෙන ආ යුතුය.

 මුල්තැන් බුද්ධ පූජාව සඳහා පැමිණෙන උපරිම පිරිස 20 කට සීමාවිය යුතු අතර සහභාගිවන්නන්ගේ විස්තර ඇතුලත් පත්‍රිකාව සම්පුර්ණ කර රැගෙන ආ යුතුය.